Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පනවා තිබු සංචාරක තහනම පිලිපීනය ඉවත් කර දමයි

By News Team on September 4th, 2021 in Local

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පණවා තිබු සංචාරක තහනම ඉවත් කිරීමට පිලිපීනය තීරණය කර තිබෙනවා.

එරට ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ලබන සඳුදා සිට එම සීමා ඉවත් කෙරෙන බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී පිලිපීනය ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල් සඳහා පළමුවෙන් එම තහනම පණවනු ලැබුවා.

ඒ අනුව ලබන සඳුදා සිට මෙම රටවල පුරවැසියන්ට පිලිපීනයේ සංචාරය කළ හැකි අතරරටට පැමිණීමෙන් අනතුරුව දින 14ක කාලයක් නිරෝධනය විය යුතු බවයි එරට රජය නිවේදනය කළේ.