Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පිලිපීනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයන් 45ක් අතුරුදහන්

By News Team on July 4th, 2021 in International

පිලිපීනයේ දකුණු දිග ප්‍රදේශයට හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 45 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

සී 130 වර්ගයේ යානයක් අනතුරට ලක්වී ඇති අතර එහි 85 දෙනෙකු ගමන් කරමින් සිටියා.

කෙසේවෙතත් 40 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවූ බවයි පිලිපීන යුද හමුදාපතිවරයා කියාසිටියේ.

පිලිපීන ගුවන් හමුදාවට අයත් මෙම යානය ගොඩබැස්වීමට යාමේදී හටගත් දෝෂයක් හේතුවෙන් කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.