Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අමෙරිකාවේ අවුරුදු 05ත් 11ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත් ලබාදීමට නිර්දේශ කරයි

By News Team on October 27th, 2021 in International

වයස අවුරුදු 05ත් 11ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත් ලබාදීම යෝග්‍ය බවට අමෙරිකානු විද්වත් කණ්ඩායමක් නිර්දේශ කර තිබෙනවා.

හදිසි භාවිතය සඳහා ඉදිරියේ දී ඊට අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ෆයිසර් එන්නත අමෙරිකාවේ වයස අවුරුදු 12ට වැඩි වයස් කාණ්ඩ ලබාදෙමින් පවතිනවා.

ඊයේ (26) දිනයේ ගත් මෙම නවතම තීරණය ළමුන් මිලියන 28කට අදාළ වනු ඇති.

මේ අනුව ලබන 02 වනදා සිට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලබාදීමෙන් පසු අවුරුදු 05ත් 11ත් අතර කාණ්ඩයටද ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ වීමට නියමිතයි.