Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ෆයිසර් සහ සුප්ට්නික් එන්නත් තොගයක් ලබන මසදී මෙරටට

By News Team on September 5th, 2021 in Local

තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 40ක් අද (05) මෙරටට ගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහි පළමු කොටස අද (05) අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ගෙනැවිත් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සඳහා භාවිත කිරීමට නියමිත එන්නත් මාත්‍රා 12000ක් මෙරටට ලබාදීමට රුසියානු ගැමලෙයා එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී තිබෙනවා.

තවත් ලබන ඔක්තෝම්බර් මාසය තුළ අමෙරිකාවේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලබා ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර ඇති බවද වාර්තා වනවා.