Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්ධන අර්බුධයකුත් එන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි

By News Team on October 21st, 2021 in Local

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පවතින තෙල් ප්‍රමාණය ලබන මස 11 වනදා දක්වා පමණක් ප්‍රමාණවත් බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ නැවත මෙරටට ඉන්ධන නැවක් පැමිණීමට ඇත්තේ දෙසැම්බර් මස 14 වනදා බවයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දැඩි ඉන්ධන අර්බුධයක් ද ඇති වනු ඇති බවද එම සමිති ප්‍රකාශ කරනවා.

වාණිජ කර්මාන්ත හා ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ රට ගැන සිතා මෙම තොරතුරු අනාවරණය නො කිරීමට කොතරම් උත්සාහ කලත් එය කළ හැක්කේ තවත් දින කිහිපයකට පමණක් බවයි.

ඉදිරි දින කීපය ප්‍රමාණවත් තරම් බොරතෙල් නැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව වේගය සීමා කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඊයේ (20) ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණි බවයි.

මෙරට තුල මේ මොහොතේ ඉන්ධන අර්බුදයක් මෙරට නැති බව පවසන ඔහු සඳහන් කරන්නේ ගතවූ දින වල වැඩිපුර පාරිභෝගිකයන් ඉන්ධන ලබාගත් නිසා පරිභෝජනය ඉහළ ගිය බවයි.