Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇමති ගම්මන්පිලගේ ප්‍රකාශය ගැන ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ විරෝධය

By News Team on October 7th, 2021 in Local

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දැනටමත් ඉන්දියාව සතු බවට උදය ගම්මන්පිල අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශය ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ දැඩි දෝෂදර්ශණයට ලක්ව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ එම සාවද්‍ය ප්‍රකාශය දේශ ද්‍රෝහි ක්‍රියාවක් ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි.

මෙම පිළිකුල් සහගත ප්‍රකාශය පිළිබදව වෘත්තීය සමිති ලෙසත්, රටේ සමාන්‍ය පුරවැසියන් ලෙසත් මහත් භීතියට පත්වන බවද එම නිවේදනයේ සදහන්.

මෙම තෙල් ටැංකි සංකීර්ණය නීතිමය වශයෙන් මෙතෙක් ඉන්දියාවට පවරා දී නොමැති බව මීට පෙර අවස්ථා කිහිපයකදී අමාත්‍යවරයා විසින්ම තම සංගමයේ සාමාජිකයින් වෙත ප්‍රකාශ කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එවැනි ප්‍රකාශ මගින් කෙටි කලකින් තෙල් බෙදා හැරීමේ සමස්ථ පාලනයම ඉන්දියාව සතුවිය හැකි බවද ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එම මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කෙරු සෑම කරුණක් පිළිබදවම විස්තර කරමින් ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය අවධාරණය කරන්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය රජය සතු බැවින් සැවොම මෙම ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය සමග අත්වැල් බැදගන්නා ලෙසයි.