Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තවත් සේවා 09කට ඇඳිරි නීති සමයේ අවසර

By News Team on August 21st, 2021 in Local

නිරෝධායන ඇඳිරි නීති සමයේ රාජකාරි පවත්වාගෙන යාමට අවසර හිමිවන තවත් සේවා කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව අධිකරණ සේවා කොමිසම විසින් අනුමැතිය දෙන ලද අධිකරණ කටයුතු මෙන්ම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවත්වාගෙන යා හැකියි.

ආනයන, අපනයන සහ දේශීය නිෂ්පාදන කටයුතු මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන කටයුතු ද අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යා යුතු වනවා.

කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ ක්ෂේත්‍රවල නිරත පුද්ගලයන්ට පළාත් සීමා හරහා ගමන් කිරීමට අවසර හිමිවනු ඇති.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි වෙළඳසැල් විවෘතව පවතින දින හා වේලාවන් දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු විසින් තීරණය කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලා.

ගුවන් තොටුපළ හා වරායන්, ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය ද අවම සේවක සංඛ්‍යාවක සහභාගීත්වයෙන් සිය කටයුතු පවත්වාගෙන යා යුතුයි.

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතනවල වැටුප් සකස් කිරීම සඳහා පමණක් ගිණුම් අංශවල සේවක සේවිකාවන් කැඳවීමද අවසර ලබාදී තිබෙනවා.