Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනතාවට නිසි උපදෙස් නොදීමෙන් ජනතාව විවිධ ඖෂධ භාවිතා කරනවා – රවී කුමුදේශ්

By News Team on August 30th, 2021 in Local

නිසි පරීක්ෂණ සැලැස්මක් කොරෝනා ආසාධිතයින් හඳුනාගැනීම සඳහා නොමැතිවීම හමුවේ ඇතැම් රෝහල් අද (30) වන විට ආසාධිතයින් තවාන් දැමීමක් වැනි තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

ඊයේ (29) එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවක් මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව කොරෝනා වසංගත පාලනය වරද්දා ගත්තේ ආසාධිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදුකිරීම අකර්මන්‍යය කිරීම නිසා බවයි ඔහු කියා සිටින්නේ.

ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද වන විට ජනතාවට නිසි උපදෙස් ලබාදීමේ අපොහොසත්වීම හමුවේ විවධ වර්ගයේ ඖෂධ භාවිතා කරමින් ප්‍රතිශක්තිය ද පවා හානි කරගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවයි.