Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අග්‍රහාර රක්ෂණයට විශ්‍රාමිකයන්ගේ විරෝධය

By News Team on November 8th, 2021 in Local

අග්‍රහාර රක්ෂණය සඳහා විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපෙන් කොටසක් අයකර ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය 29 වනදා දිනයේ දී නිකුත් කළ චක්‍රලේඛයක් මගින් විශ්‍රාමිකයින්ගෙන් රුපියල් 400ක මාසික වාරික මුදලක් සහ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගෙන් රුපියල් 600 ක මාසික වාරික මුදලක් විශ්‍රාම වැටුපෙන් කපා ගැනීමටයි රජය තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් වහාම එම කපා ගැනීම නතර කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා වෙත අද (08) පෙරවරුවේදී ඔවුන් විසින් ලිපියක් භාරදීමට ද නියමිතයි.