Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සති තුනක් තුළ මුදල් ගෙවන්න – චීන පොහොර සමාගම ශ්‍රී ලංකාවට දන්වයි

By News Team on November 8th, 2021 in Exclusive Story

චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බව ද සිය නීතීඥ සමාගම හරහා දැනුම් දී ඇත්තේ.

සමාගම විසින් සපයන ලද පොහොර වල හානිකර බැක්ටීරියා ඇතැයි කියමින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් ඔවුන් විසින් මෙම ලිපිය යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සමාගම සඳහන් කර ඇත්තේ දෙරටට පිළිගත හැකි තෙවන පාර්ශව වෙතින් නැවත පරීක්ෂා කළ යුතු බවයි.

කෙසේ වෙතත් අදාල නෞකාව මේ වන විට කළුතරට නුදුරැ මුහුදේ යාත‍්‍රා කරමින් සිටින බව වාර්තා වනවා.