Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අගමැති මහින්ද නොදැනුවත්කමින් සිදුවූ පවිත්‍රාගේ ඇමති පට්ටම මාරුව

By News Team on August 17th, 2021 in Exclusive Story

සෞඛ්‍ය ඇමති ධුරයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන ඇමති ධුරයට මාරු කිරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වේලාසන දැන නොසිටි බව වාර්තා වනවා.

ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමෙන් මඳ වෙලාවකට පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන්නිආරච්චි මහත්මියට දුරකථන මාර්ගයෙන් ඇමති ලබාගෙන දන්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි.

එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ තමා දැන් සෞඛ්‍ය ඇමතිවරිය නොව ප්‍රවාහන ඇමතිවරිය බවයි.

තතුදත් ආරංචි මාර්ග වාර්තා කරන්නේ අගමැතිවරයා පවිත්‍රාගේ ඇමති ධුරය වෙනස් වීම ගැන දැනගෙන ඇත්තේ ඒ අවස්ථාවේ බවයි.