Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද මැදියම් රැයේ සිට මැදපෙරදිග රටවල් 06 සිට ශ්‍රී ලංකාවට ගුවන් මඟීන් පැමිණීම අත්හිටුවයි

By News Team on June 30th, 2021 in Local

මැදපෙරදිග රටවල් 06 සිට ශ්‍රී ලංකාවට මඟීන් පැමිණීම අද (30) අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, ඕමානය, බහරේනය, සෞදි අරාබි සහ කුවේට් යන රටවල් මෙය බලාත්මක වනු ඇති.

මෙම තහනම ලබන ජුලි 13 වනදා මධ්‍යම රාත්‍රිය තෙක් බලාත්මක වනවා.

පවතින කොරෝනා අවධානම් තත්ත්වය සලකා මෙම තීරණය ගෙන ඇති අතර මෙම රටවල සිට පැමිණෙන ගුවන් මඟීන්ට ශ්‍රී ලංකාව හරහා වෙනත් රටකට යාම අවස්ථාව හිමි වෙනවා.