Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සංචරණ සීමා කාලයේ බ්‍රිතාන්‍ය අගමැතිගේ නිල නිවසේ සාද වාර්තාව පාර්ලිමේන්තුවට

By News Team on February 1st, 2022 in International

බ්‍රිතාන්‍යයේ සංචරණ සීමා පැවැති අගමැති නිල නිවසේ පැවැත්වුවා යැයි සැලකෙන සාදා පිළිබඳ විමර්ශන වාර්තාව එරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ වාර්තාවෙන් එවැනි සිදුවීම් 16ක් පිළිබඳ තොරතුරු ඊට ඇතුළත්ව ඇති අතර ඉන් සිද්ධි 12ක සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මේ අතර 2020 වසරේ මැයි 20 වනද පවත්වා ඇති මත්පැන් සාදයක් මෙන්ම ජුනි 19 වනදා පවත්වා ඇති අගමැතිවරයාගේ උපන්දින සාදය ද ඇතුලත් වනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් සමාව ඇයද තිබෙනවා.