Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි – විසඳුමකින් තොරව අවසන් වෙයි

By News Team on October 29th, 2021 in Exclusive Story

ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂ 11ක නායකයන් යුග දනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඊයේ (28) රාත්‍රී පැවතී සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

ඊයේ (28) සවස 5ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය හතරහමාරක් පමණක් කාලයක් පැවැති බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයා සහභාගී වී තිබෙනවා.

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව දේශපාලන පක්ෂ 11ක නායකයන් මෙහිදී කරුණු පෙන්වා දී ඇති අතර සාකච්ඡාව දැඩි උණුසුම්කාරී ලෙස පැවැති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

උදය ගම්මන්පිල, විමල් විරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු දේශපාලන පක්ෂ 11ක නායකයන්ට අමතරව නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන යන ඇමතිවරු සහ පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

කෙසේ වෙතත් යුගදනවි ගිවිසුමට එරෙහිව පක්ෂ 11ක නායකයෝ අද (29) සවස 3.00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර ඇති මහජන මන්ත්‍රණ සභා සැසිය කිසිඳු ලෙසකින් නතර කිරීමට තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.