Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පාර්ලිමේන්තුව අද සිට දින 4ක් යළි රැස්වෙයි

By News Team on August 3rd, 2021 in Local

පාර්ලිමේන්තුව අද (03) සිට අඛණ්ඩව දින හතරක් පාර්ලිමේන්තුව රැස් වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තා පිළිබඳ විවාදය අද (03) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනු ඇති.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා කල් තැබීමේ විවාදයක් ලෙස මෙය පැවැත්වෙන බවයි.

මේ අතර ලබන සිකුරාදා දිනයේ ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාව ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම පණත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද අද (03) පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා.