Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මේ සතියේ පාර්ලිමේන්තු එක් දිනකට රැස්වෙයි

By News Team on August 16th, 2021 in Local

හෙට (17) දිනයට පමණක් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම සීමා කර තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (16) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබුවේ.

මේ අනුව හෙට (17) උදෑසන 10ට පාර්ලිමේන්තු රැස්වීමට නියමිතයි.

කෙසේ වෙතත් කොරෝන අවධානම හමුවේ පාර්ලිමේන්තු රැස්වීම කල් දමන ලෙස සමඟි ජන බලවේගය පසුගිය සතියේ කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණා.