Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පාර්ලිමේන්තු අද යළිත් රැස්වෙයි

By News Team on October 21st, 2021 in Local

පොහොර පිළිබඳව මතුවී ඇති ගැටලූ සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අද (21) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

විපක්ෂය විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ.

පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) රැස්වීමට නියමිතයි.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්)(සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත අද (21) විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කලා.

බාලවයස්කාර දරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීම වෙනුවට සිර දඩුවම් නියම කිරීම සඳහා විධිවිධාන ඇතුළත් දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතයි අද මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ.

තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් කලින් ස්ථාපිත කර තිබූ අවුරුදු 18 ට අඩු වයස් සීමාව අවුරුදු 18 ත් 22 ත් ලෙස සංශෝධනය කෙරෙනු ඇති.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.