Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පාර්ලිමේන්තුව අද යළිත් රැස්වෙයි

By News Team on September 21st, 2021 in Local

පාර්ලිමේන්තුව අද (21) උදෑසන 10ට යළිත් රැස්වෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය සඳහායි.

කොරෝනා අවධානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) පමණක් පැවැත්වීමට නියමිතයි.

මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණ සඳහා කාලය වෙන් කිරීමට අද (21) පෙරවරු 10 සිට 11 දක්වා කාලය වෙන්කර තිබෙනවා.

ඉන් අනතුරුව පස්වරු 04.30 දක්වා සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05 ක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග ත්‍රිත්වයක්, විදේශ විනිමය පනත යටතේ නියමයක් සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතයි.