Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඊයේ තරඟවලින් පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව ජයට

By News Team on October 27th, 2021 in Sport

ඊයේ (26) මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ තවත් තරඟ දෙකක් පැවැත්වුණා.

ඒ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථානය සහ නවසීලන්ත කණ්ඩායම් අතරයි.

පළමු තරඟය ලෙස පැවැති දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති තරඟයෙන් කඩුලු 8ක පහසු ජයක් දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට බටහිර ඉන්දීය කොද්ව් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් රැස්කළ අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Evin Lewis ලකුණු 56ක් ලබාගැනීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 3ක් ඇතුළත් වුණා.

ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2කදී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත් වුණා.

පන්දුවාර 4කදී ලකුණු 14කට කඩුලු 4ක් දවාගත් Anrich Nortje තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවා.

ඊයේ (26) පැවැති දෙවන තරඟයෙන් නවසිලන්තය කඩුලු 5කින් පරාජය කිරීමට පාකිස්ථානය සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පාකිස්ථානය පළමු පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් රැස් කිරීමට සමත් වුණා.

පාකිස්ථාන පන්දු යවන්නන් නවසීලන්ත කණ්ඩායමේ කිසිඳු පිතිකරුවකුට පිටියේ ස්ථාවර ඉඩ ලබා නොදීමට කටයුතු කළා.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක් නිරත වූ Haris Rauf ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

ලකුණු 135ක ඉලක්කය හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

ලකුණු 22කට කඩුලු 4ක් දවාගත් Haris Rauf තරඟයේ වීරයා සම්මානය දින ගනු ලැබුවා.

මේ අතර අද (27) තවත් තරඟ දෙකක් අබුඩාබි හිදී පැවැත්වෙනවා.

ඒ එංගලන්තය හා බංග්ලාදේශය අතර සහ ස්කොට්ලන්තය හා නැමීබියා කණ්ඩායම් අතරයි.