Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල අද ඇරඹේ

By News Team on July 1st, 2021 in Local

යල කන්නයට අදාළව වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ අද (01) සිට ආරම්භ වනවා.

ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 50ක්, සම්බා කිලෝවක් රුපියල් 52ක්, තෙත වී සඳහා රුපියල් 44ක මිළකුත් යටතේ වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ වැඩි මිළට සහල් අලෙවි කිරීමට මින් ඉදිරියට කිසිවෙකුට ඉඩක් නොමැති බවයි.

යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 05ක වී වගා කර ඇති අතර ඉන් වී මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක අස්වැන්නක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

යල කන්නයේ වී මිලදී ගැනීමෙන් පසු වෙළඳ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ජනතාවට සාධාරණ මිළට සහල් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.