Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පබා පොලිස් අත්අඩංගුවට

By News Team on July 26th, 2021 in Local

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම රංගන ශිල්පිනී උපේක්ෂා සවර්ණමාලි මහත්මිය කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රිය අනතුරක් සම්බන්ධයෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය 24 වනදා රාත්‍රී 11ට පමණ මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුරුව සිදුව ඇති බවයි කටුගස්තොට පොලීසිය කියා සිටියේ.

අනතුරින් තුවාල ලැබ ඇත්තේ 18 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර ලැබීම සඳහා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ ඇය බීමතින් සිට ඇත්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේම පොලීසිය විසින් ස්වසන පරීක්ෂණ ලක්කර ඇති අතර ඇය බීමතින් නොසිටි බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත්වූ සැකකාරිය අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.