Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පී. බී. ගේ තැනට දාන්න නම් තුනක් ඉදිරිපත් වෙයි – එලවන්නයි තියාගන්නයි ආණ්ඩුවෙන් වෙන වෙනම මෙහෙයුමක් අරඹයි

By News Team on December 13th, 2021 in Exclusive Story

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා වෙනුවට එම තනතුරට පත් කළ හැකි සුදුස්සන් පිළිබඳ යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා.

මේ වන ඊට නම් තුනක් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඉදිරිපත් වූ එක් නමක් වන්නේ හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු වූ එන්. අමරකෝන් මහතායි.

ඒ අතරතුර අග්‍රාමාත්‍ය වත්මන් ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ නම ජනාධිපති ලේකම් ධුරය සඳහා කියවෙන අතර තුන්වෙනි නම ලෙස ඉදිරිපත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ නමයි.

පසුගියදා ජනාධිපතිවරයාගේ වැඩිමල් සොහොයුරා වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පී. බී. ජයසුන්දර මහතා පිළිබඳව ජනාධිපතිවරයා ඉදිරියේ කළ බරපතළ විවේචනයක් සිදුකළා.

එම විවේචනය හේතුවෙන් ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වීමටද සුදානමක් පැවැතියා.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන අන්දමට ඔහුගේ අදහස මේ වන විට යටපත් වී තිබෙනවා.

මේ අතර ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ගැන ආණ්ඩුවේ ඇමතිවරුන් බහුතරයක් බලවත් අසතුටෙන් පසුවන බව වර්තා වනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර වාර්තා සඳහන් කරන්නේ පී. බී.ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රචාරක වැඩපිළිවෙලක් මැති ඇමතිවරුන් විසින් ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව ඔහුව රැක ගැනීම තවත් වෙනම වැඩපිළිවෙලක් තවත් පාර්ශවයක් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

කුරුණෑගල හා කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරන කැබිනට් මණ්ඩල ඇමතිවරුන් දෙදෙනෙක්ගේ මුලිකත්වයෙන් මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් එම දෙපල බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

එම මෙහෙයුමට ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික් නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එම අමාත්‍යවරුන් දෙපල ලෙස සැලකෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරුන්ය.

පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් ධුරයෙන් ඉවත් කිරීම සඳහා මැති ඇමැතිවරු සමග ජනපතිවරයා හමුවී සාකච්ඡා කළ යුතු බව අය – වැය විවාද සමයේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා , අග්‍රාමාත්‍යවරයා අමතා යෝජනා කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.