Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොරෝනා ආසාධිතයින් ඉහළ යාමත් සමඟ ඉන්දුනීසියාවේ ඔක්සිජන් හිඟයක්

By News Team on July 18th, 2021 in International

ඉන්දුනීසියාවේ කොරෝනා ආසාධිතයින් සිඝ්‍රයෙන් ඉහළ යාම සමඟ ඔක්සිජන් හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ අගනගරය වන ජකර්තා හි මේ වන විට දෛනික වෛද්‍ය ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 100කට පමණ ආසන්න වී ඇති බවයි.

රෝහල්වල ප්‍රමාණවත් තරම් ඔක්සිජන් තොගය නොමැති වීම හේතුවෙන් ඔක්සිජන් මිලද සියයට 900කින් ඉහළ ගොස් ද තිබෙනවා.

මේ අතර ගත වූ පැය 24 දී ලොව වැඩිම කොරෝනා ආසාධිතයන් සහ මරණ ද ඉන්දුනීසියාවෙන් වාර්තා වුණා.

අඛණ්ඩව දෙවන දිනටත් දෛනික මරණ දහසේ සීමාව ඉක්මවා ගිය අතර අලුතින් රෝගීන් 51952ක් හඳුනාගෙන තිබෙනවා.