Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොටින්ට සල්ලි පොම්ප කළ බවට චෝදනා එල්ල වූ ලයිකා මොබයිල් හිමිකරු ලංකාවට පැමිණෙයි

By News Team on November 9th, 2021 in Exclusive Story

ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය පිළිබඳව බරපතළ චෝදනා එල්ල වූ යහපාලන රජය සමයේ එවකට විපක්ෂයේ බරපතළ චෝදනාවට ලක්වූ බ්‍රිතාන්‍යයේ පදිංචි ව්‍යාපාරික අල්ලිරාජා සුභාෂ්කරන් හදිසියේ ම මෙරටට පැමිණ කොළඹ පිහිටි තරු පහේ හෝටලයක නවාතැන් ගෙන සිටින බව වාර්තා වේ.

මොහු පසුගිය යහපාලන රජය සමයේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්ස් සමාගම් සමූහයේ දේපළ මිල දී ගැනීමට කටයුතු කළේ ය.

ඔහුට එම දේපළ විකිණීම සිදුව ඇත්තේ, ඒවා ලබාගෙන ඇත්තේ ත් නීතිවිරෝධී අයුරින් බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම මගින් නිර්දේශයට ලක් කර සිටි අයෙකු වීම විශේෂත්වයකි.

දෙමළ ඩයස්පෝරාවට මුදල් පොම්ප කරන අයෙකු ලෙස ද ඔහු චෝදනාවට ලක්ව සිටියේ ය.

අල්ලිරාජා සුභාෂ්කරන් 1972 වසරේදී මුලතිව්, මුල්ලියාවලිහිදී උපත ලබා තිබේ. 2006 වසරේදී Lycamobile සමාගම ආරම්භ කළ ඔහු මේ වන විට බ්‍රිතාන්‍යයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටී.

Lycamobile සමාගම මේ වන විට ලෝකයේ රටවල් 18ක පමණ ක්‍රියාත්මක වේ.‍‍

ඔහුට අයත් Lycra Productions ආයතනය 2008 වසරේදී පිහිටුවා ඇති අතර දෙමළ චිත්‍රපට රැසක් ඒ මගින් නිෂ්පාදනය කර තිබේ.

ඔහුගේ වත්කම් මේ වන විට පවුම් මිලියන 160 (රුපියල් මිලියන 28793)ක් පමණ වන බව වාර්තා වේ. සුභාෂ්කර් බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ ලයිස්තුවේ 640 වන ස්ථානයේ පසු වන බව ද පැවසේ.

මව්බිම පුවත්පත