Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට රජයෙන් දීමනාවක්

By News Team on July 13th, 2021 in Local

කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන් සඳහා යොදා ගන්නා ගොවීන් වෙත දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 12500 බැඟින් උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් හෙවත් අක්කර 05ක් නොඉක්මවන පරිදි මෙම දීමනාව ලබාදෙනු ඇති.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ 2021/22 මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය කෙරෙන කාබනික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමේ අරමුණ ඇතිවයි.