Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

විපක්ෂය අනාවැකිය වෙන්න දෙන්නේත් නෑ – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගන්නත් නෑ – රාජ්‍ය ඇමති අජිත් නිවාඩ්

By News Team on July 2nd, 2021 in Local

විපක්ෂය විසින් රටේ ආර්ථිකය කඩා වැටෙන බවට දිනෙන් දින ප්‍රකාශ කරන අනාවැකිය යථාර්ථයක් වීමට ආණ්ඩුවට ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහි ඔහු කියා සිටියේ කොරෝනා වසංගතය සමඟ ලෝකයම අර්බුධයකට මුහුණ දී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවටද එල්ලවී ඇති බලපෑමට මුහුණු දීම සඳහා අවශ්‍ය උපක්‍රම මේ වන විට භාවිතා කරන ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය උත්සහ කරමින් සිටින බවයි.

රජය වර්ථමානයේ මුහුණ දී ඇති ආර්ථික අර්බුධ අභියෝගයට ආණ්ඩුව සාර්ථකව මුහුණ දී එම අභියෝගය ජයගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට අපේක්ෂා නොකරන බවයි.