Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රංජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායක ජනපතිට දෙවන වතාවටත් ලිපියක් යවයි

By News Team on September 1st, 2021 in Local

දැනට සිර දඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

2021/08/31

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,

ජනාධිපති ලේකම් කාර්යාලය,

ගාලු මුවදොර,

කොළඹ 01,

අතිගරු ජනාධිපතිතුමනි,

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ඉල්ලා සිටීම සම්බන්ධවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අප හිතවත් රන්ජන් රාමනායක මහතා 2021ජනවාරි 12 දින සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් විඳිමින් සිටී. රන්ජන් රාමනායක මහතා අවංක චරිතයක් ඇත්තෙකු ලෙසත්,සත්‍ය වෙනුවෙන් කතා කරන චරිතයක් ලෙසත් කා අතරත් පිළිගැනීමක් තිබේ.කලාකරුවකු ලෙස රන්ජන් රාමනායක මහතා වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා ලෙසත්, ජනතාවාදී කලාකරුවකු ලෙසත් විශාල කීර්තියක් ලබා ගෙන සිටින අතර දේශපාලනඥයෙකු ලෙස අවස්ථා රැසකදීම ඉහළම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකි. දේශපාලනයෙන් හෝ වෙන යම් කිසිම මාර්ගකින් අයථා කටයුතුවලට හෝ දූෂණවලට එතුමා සම්බන්ධ නැති බව කවුරුත් දන්නා කරුණකි.

එතුමාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයින්, ප්‍රවීණ කලාකරුවන්,නීති විශාරදයින්,සිවිල් පුරවැසියන්, විශාල පිරිසක් ඉල්ලීම් කළ අතර ඔබතුමාටද එවැනි ඉල්ලීම් ගණනාවක් යොමුකර තිබිණි.

එවන් තත්ත්වයක් තුළ, රන්ජන් රාමනායකයන්ගේ නිදහස වෙනුවෙන් මා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔබ තුමන්ව දැනුවත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔබතුමන්ගෙන් ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරමි.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ඉහත පාර්ශවයන් නැවත නැවතත් මා වෙතින් විමසීම් සහ ඉල්ලීම් සිදුකරනු ලබන අතර, එකී ඉල්ලීම් සාධනීය බවත්, සාධාරණ බවත් මා මෙන්ම ඔබතුමාද විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කරමි.ඒ අනුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ගේ සාධනීය ප්‍රතිචාරය කඩිනමින් මා අපේක්ෂා කරමි.

ස්තූතියි.

සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක