Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කොරෝනා එන්නත් ගැනීම සඳහා බස්නාහිර පළාතේ ජනතාවට Online අයදුම් කිරීමට අවස්ථාව

By News Team on July 13th, 2021 in Local

කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ක්‍රමවත්ව සිදු කිරීමේ අරමුණ ඇතිව එන්නත් ලබාගැනීම සඳහා මාර්ගගතව ලියාපදිංචි වීමේ අවස්ථාව මෙරට ජනතාවට ලබාදී තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර පළාතේ පදිංචි කොවිඩ් එන්නත ලබාගත හැකි බවට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන සියලූදෙනාට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ vaccine.covid19.gov.lk වෙබ් අඩවියෙහි ලියාපදිංචි වී දිනයක් හා වේලාවක් ලබාගත හැකියි.

බස්නාහිර පළාත තුළ පදිංචි අයට තම ජාතික හැදුනුම්පතෙහි සඳහන් ලිපිනය අනුව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් එන්නත් ලබාදෙන මධ්‍යස්ථානවල ලියාපදංචි විය හැකියි.

හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනය බස්නාහිර පළාතේ නොවූවත් බස්නාහිර පළාත තුළ පදිංචි අයට දැනට පදිංචි ග්‍රාම නිලධාරි ප්‍රදේශය සනාථ කළ හැකි බිල්පතක් හෝ ඉදිරිපත් කර මෙම මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ලියාපංදිචි වී එන්නත් ලබාගත හැකිවීම විශේෂත්වයක්.

බස්නාහිර පළාතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් අයට ද දෙවන මාත්‍රාව ලබාගැනීමේදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි වී එන්නත ලබාගැනීමේ පහසුකම් ද සැලසීමට නියමිතයි.

https://vaccine.covid19.gov.lk/sign-in