Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සෑම පුද්ගලයෙක්ටම බදු ගොණුවක් විවෘත කරන්න – රාජ්‍ය ඇමති දයාසිරිගෙන් මුදල් ඇමතිට යෝජනාවක්

By News Team on September 8th, 2021 in Local

රටේ සෑම පුද්ගලයෙක්ම රුපියල් 100ක ගෙවා බදු ගොණුවක් විවෘත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස තමන් මුදල් අමාත්‍යවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) මුදල් පණත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දීයි.

එහිදී රාජ්‍ය අමාත්‍යවර පෙන්වා දුන්නේ මෙරට බදු ගෙවන්නන්ගේ ප්‍රතිශතය ක්‍රමානුකූලව අඩු වී ඇති බවයි.