Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

LMS ක්‍රමවේදය යටතේ පාසල් දරුවන්ට Online අධ්‍යාපන නියමු ව්‍යාපෘතිය අද සිට

By News Team on June 25th, 2021 in Local

ඊ තක්සලාව වැඩසටහන යටතේ LMS ක්‍රමවේදය ඔස්සේ පාසල් දරුවන්ට මාර්ගගත අධ්‍යාපන ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් අද (25) සිට ආරම්භ වනවා.

මෙම ව්‍යාපෘතිය පළමුව පාසල් 20ක ආශ්‍රිතව ආරම්භ කෙරෙන අතර මෙය ඉදිරියේ පාසල් 200ක් දක්වා පුළුල් කිරීමට නියමිතයි.

කිසිඳු දත්ත ගාස්තුවකින් තොරව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාර්ගගත අධ්‍යාපන ලබාදීමේ වැඩපිළිවෙලක්ද ඊ තක්සලාව යටතේ මේ මාසයේ සිට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.