Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

By News Team on July 7th, 2021 in Local

කතරගම ප්‍රදේශයේ ඊයේ (06) සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 52ක පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීම සිදුකළ සැකකරු පොලීසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු යාල කැලය තුළ සැඟවී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සොයා විශේෂ කාර්ය බලකාය සහ කතරගම පොලීසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ දේහයට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) පැවැත්වීමට නියමිතයි.