Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් දිවයිනට ළඟා වෙයි

By News Team on October 20th, 2021 in Local

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කිරීමට නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය අද (20) අළුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

එහි පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක් රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ හයිද්‍රාබාද් ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙට්‍රික් ටොන් 45ක් බර මෙම දියර පොහොර තොගය මෙරටට ගෙනැවිත් තිබෙනවා.

දියර පොහොර ලීටර් ලක්ෂ 31ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇනවුම් කර ඇති අතර ඉන් පළමු තොගයයි අද (20) මෙරටට මෙලෙස ගෙන එනු ලැබුවේ.

මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර , මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට නියමිතයි.