Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආනයනය කරන භාණ්ඩ වර්ග 623කට සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවයි

By News Team on September 9th, 2021 in Business

තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා මහ බැංකුව විසින් නව සීමාවන් කිහිපයක් පනවා තිබෙනවා.

මේ යටතේ තෝරා ගත් භාණ්ඩ 622ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ බලපත්‍ර ලාභී වාණිජ බැංකු වෙත මෙම ආනයනය වටිනාකම සියයට 100ක මුදල් තැන්පතුවක් ලබාදිය යුතු බවට නියෝග කර තිබෙනවා.

එමෙන්ම මෙම නව කොන්දේසි යටතේ හදිසි නොවන සහ අත්‍යවශ්‍ය නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණය පහසුකම් ලබාදීමෙන් වළකින් ලෙසත් ශ්‍රී ලංකා මහබැංකුව විසින් සියලු බලපත්‍ර ලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට කෝනදේසි පනවා තිබෙනවා.

මෙම කොන්දේසි පැනවීමේ මූලික පරමාර්ථය වන්නේ හදිසි නොවන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම හරහා විදේශ විනිමය අනුපාතිකය ස්ථාවරව තබා ගැනීමයි.

මෙම ලැයිස්තුගත භාණ්ඩ ආනයනලය සඳහා 2019 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1057.9ක් වැයවී ඇති අතර 2020 වසරේදී ඒ සඳහා වැයකර ඇති ඇමරිකානු ඩොලර් මිලියන ප්‍රමාණය 871.2ක්.

එමෙන්ම මෙම වසරේ ජුලි අග භාගය දක්වා මෙම තෝරාගත් භාණ්ඩ ආනනයක සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 753.4ක් වැයකර තිබෙනවා.