Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිදහස් දිනය දා සියලු මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් වැසෙයි

By News Team on February 4th, 2022 in Local

දිවයින පුරා මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් 74 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් අද වසා තැබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මස් පිණිස සතුන් ඝාතනය කරනු ලබන ස්ථානද අද වසා තැබෙන බවයි.

මීට අමතරව දිවයින පුරා ඇති සුරාසැල්වලට අමතරව බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබිය යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.