Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඉන්ධන මිලට ගන්න ඕමානයෙන් ණය සහන

By News Team on October 3rd, 2021 in Local

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා ලබා දී ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවයි.

තවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බවයි ඔහු කියා සිටියේ.

ඉන්පසු ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන තුන්සිය බැඟින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට එරට රජය මේ වන විටත් එකඟතාව පළකර තිබෙනවා.