Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඔලිම්පික් පදක්කම් සටහනේ සත්කාරක ජපානය පෙරමුණ ගනී

By News Team on July 27th, 2021 in Sport

ශ්‍රී ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ අද (27) ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරඟ බිමට පිවිසෙනවා.

ඔහු අද (27) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.40ට පිරිමි මීටර් 100 නිදහස් ආර මුලික වටයේ ඉසව්ව සඳහා සහභාගී වනු ඇති.

ඊයේ (26) දිනය වන විට ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත්ව සිටිනවා.

ඒ රන් පද්දකම් 08ක් දිනා ගනිමින්.

ඊට අමතරව ජපානය රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් ද දිනාගෙන තිබෙනවා.

පදක්කම් සටහනේ දෙවන ස්ථානය අමෙරිකාව හිමිකරගෙන ඇති අතර ඔවුන් රන් පදක්කම් 07ක්, රිදී 03ක්, ලෝකඩ 04ක් හිමි කරගෙන සිටි.

චීනය පදක්කම් සටහනේ තෙවන ස්ථානය දිනාගෙන ඇති අතර රන් පදක්කම් 06ක්, රිදී 05ක් සහ ලෝකඩ 07ක් ඔවුන් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.