Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තෙල්, වරාය, විදුලිය සේවකයන් අද කොළඹ දී විරෝධතා මාලාවක්

By News Team on November 3rd, 2021 in Local

සේවක රැකියා අහිමි කරමින් වරාය සේවා සහ ඉඩම් විකිණීමට එරෙහිව විරෝධය පළ කරමින් අද (03) දිනයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කළේ කොළඹ කොටුවෙදි මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි.

වරාය සම්පත් විදේශ සමාගම් වෙත පැවරීම නතර කරන ලෙස දේශපාලනඥයින් නිරන්තරයෙන් දැනුවත් කලත් ඔවුන් ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම ස්වභාවයක් පෙන්නුම් කරන බවයි එම සන්ධානය පෙන්වා දෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වෙන බවයි.

මේ අතර කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමේ රජයේ තීරණයට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද (03) දිනයේ දී කොළඹ කේන්ද්‍ර කරගනිමින් විරෝධතා මාලාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තෙල්, වරාය, විදුලිය සුරැකීමේ ඒකාබද්ධ බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සදහන් කලේ තම බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති අද (03) දින විදුලි බල මණ්ඩල මූලස්ථානය, කොළඹ වරාය සහ ඛණිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව ප්‍රධාන ගබඩා සංකීර්ණය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධාන කර ඇති බවයි.