Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සමාව ගන්න සුදානම් නැහැ – පා. ම තිස්ස කුට්ටිආරච්චි

By News Team on November 23rd, 2021 in Local

තමා කාන්තාවන්ට අපහාස වන පරිදි කිසිඳු ප්‍රකාශයක් පාර්ලිමේන්තු සභාව තුළ සිදු නොකල නිසා සමාව ගැනීමට සුදානම් නොමැති බව ස්ර්හි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය යොමුකර තිබූ වරප්‍රසාද පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් පසුව කථානායකවරයා අද (23) සිය තීරණය දැනුම් දුන් අතර ඉන් අනතුරව අදහස් දක්වමිනුයි තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමා අපහාස වන ආකාරයෙන් සිදුකළ ප්‍රකාශය කුමක් දැයි පෙන්වා දුනහොත් පමණක් ජාතියෙන් සමාව ගැනීමට සුදානම් බවයි.