Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නොරොච්චෝලේ යළිත් වරක් අක්‍රීය වෙයි

By News Team on February 1st, 2022 in Local

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබෙනවා.

මීට පෙර නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකට ලක් වුණේ පසුගිය දෙසැම්බර් 03 වනදායි.

ඊයේ (31) දිනයේ අක්‍රීයව තිබු ජනන යන්ත්‍රය මෙගාවොට් 160ක ධාරිතාවයකින් යටතේ පද්ධතියට එක් කරනු ලැබුවා.

මේ තත්ත්වය යටතේ අද (01) නැවතත් ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රිය වී ඇති බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.