Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීකම් එපා – ආණ්ඩු පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්

By News Team on September 9th, 2021 in Exclusive Story

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධුර භාර නොගැනීමට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් තීන්දු කර තිබෙනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ අධීක්ෂණ මන්ත්‍රී ධූර ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවයි.

මන්ත්‍රීවරුන් 7 දෙනෙක් පමණ ප්‍රමාණයක් මේ වන විට මෙම තීරණය ගෙන ඇති අතර එය තවත් ඉහළ යා හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ.