Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දැම්මේ නැහැ – මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි

By News Team on August 14th, 2021 in Local

කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා අලුතින් බදු පැනවීමක් සිදුකර ඇති බවට පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ බදුවල වලංගු කාලයක් දීර්ඝ කිරීමක් පමණක් සිදුකර ඇති බවයි.

හාල්මැස්සන්, කරවල, උළු හාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, ලුණු සහ බටර් සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බදු මෙලෙස දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව කරවල හා හාල්මැස්සන් සඳහා පැවති බද්ද අගොස්තු 11 වනදායින් අවසන්වීමටයි නියමිත වූයේ.

එය 12 වනදා සිට දීර්ඝ කර ඇති අතර සැප්තැම්බර් 30 වනදායින් අවසන්වීමට නියමිත වූ අනෙක් ආහාර සඳහා වන බදු ද අඛණ්ඩව පවත්වාගෙන යාම මිස අලුතින් බදු පැණවීමක් සිදුවී නොමැති බවයි මුදල් අමාත්‍යංශය අවධාරණය කරන්නේ.