Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අගෝස්තු 31 පසු කාබුල් වෙතින් ජනතාව ඉවත් කරගැනීම් නෑ

By News Team on August 25th, 2021 in International

ඇෆ්ඝන් ජනතාව ඉවත් කරගැනීමේ මෙහෙයුම සැලසුම් කර පරිදිම ලබන 31 වනදා අත්හිටුවන බව අමෙරික ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහතික කර තිබෙනවා.

ඔහු අවධාරණය කරන්නේ හැකි ඉක්මණින් මෙම ක්‍රියාවලිය අවසන් කළ යුතු බවයි.

මේ වන විට කාබුල් අගනුවරින් ගුවන් මාර්ගයෙන් 70000කට අධික පිරිසක් ඉවත් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය ඇතුළු පාර්ශව රැසක් ඉල්ලා තිබුණේ අගෝස්තු 31 වනදායින් පසු මෙම ක්‍රියාවලිය සිදු කරන ලෙසයි.

නමුත් ඊට තලේබාන් සංවිධානය සිය විරෝධය පළ කර තිබුණා.

මේ අතර ඊයේ දිනයේ තවත් 20000කට අධික පිරිසක් කාබුල් ගුවන් තොටුපොළේ රැඳී සිටියේ වෙනත් රටකට පළා යාම සඳහායි.