Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ගැන මේ දක්වා තීරණයක් නැහැ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක

By News Team on October 27th, 2021 in Local

එන්නත් කාඩ්පත යම් ස්ථානවලට රැගෙන යාම අනිවාර්ය කිරීමේ තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

අද (27) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව කියා සිටියා.

එහිදී ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතින බවයි.

ලබාදී ඇති එන්නත් කාඩ්පත එවැනි ආකාරයෙන් ප්‍රයෝගික භාවිතයට ගත හැකි ද යන්න පිළිබවද සලකා බලමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.