Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කථානායකට භාර දෙයි

By News Team on June 22nd, 2021 in Local

ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායක වෙත සමඟි ජන බලවේගය විසින් මීට සුළු මොහොතකට පෙර භාර දුන්නා.

අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා සමඟි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු පක්ෂ මන්ත්‍රීවරුන් 39 දෙනෙක් ඊයේ (21) දිනයේ දී අත්සන් කර තිබුණා.

මේ අතර අද (22) දිනයේ පාර්ලිමේන්තුව රැස්වෙනවා.

ඊයේ (21) රැස්වූ පක්ෂ නායකයන් තීරණය කළේ අද (22) සහ හෙට (23) දිනවලදී පමණක් මෙම සතියේ පාර්ලිමේන්තුව රස්විමටයි තීරණය කළේ.

අද (22) දිනයේ මෙරට ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

ඊට අමතරව හෙට (23) දිනයේ දී දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාවක් සහ ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිත ඇති අතර රජයේ අත්‍යාවශ්‍ය වියදම් දැරීමට සහ කොරෝනා වසංගතය පාලනය කිරීමට ඉදිරිපත් කර ඇති පරිපුරක ඇස්තමේන්තුවද හෙට (23) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.