Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය අද

By News Team on July 19th, 2021 in Local

ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් සමඟි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වනවා.

මෙම විවාදය අද (19) සහ හෙට (20) දෙදින පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට පැවැත්වීමට නියමිතයි.

පසුගිය 22 වනදා සමඟි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අත්සන් තබා ඇති මෙම විශ්වාසභංග යෝජනාව පසුගිය 22 වනදා කථානායකවරයාට භාර දෙනු ලැබුවා.

මේ අතර අද (19) සහ හෙට (20) මෙම විශ්වාසභංග යෝජනාව විවාදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

එහිදී තීරණය කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවට එරෙහිව සමස්ථ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විරුද්ධව ඡන්දය භාවිතා කිරීමටයි.