Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ලබන 19 සහ 20 විවාදයට

By News Team on July 5th, 2021 in Local

සමඟි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව කථානායකවරයා වෙත ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය යෝජනාව පිළිබඳ විවාදය ජුලි 19 සහ 20 යන දෙදින තුළදී පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

ඒ අද (05) උදෑසන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුළු කරුණු 10ක් මුල් කරගනිමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙක් අත්සන් තැබූ මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දෙනු ලැබුවේ පසුගිය මස 16 වනදායි.

මේ අතර හෙට (06) සිට ලබන සිකුරාදා තෙක් දින 04 තුළ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට අද (05) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කර තිබෙනවා.