Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නයිට්‍රජන් පොහොර මේ මස අඟදී අම්පාරට

By News Team on October 16th, 2021 in Local

උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කරන බැවින් මේ මාසය අග භාගය වන විට නයිට්‍රජන් පොහොර ද අම්පාර ඇතුළු වී ගොවිතැන් කරන දිස්ත්‍රික්වලට ලබා දිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට පොහොර ලැබෙන බවට විශ්වාසය ඇති වීමත් සමඟ කඩිනමින් වී ගොවිතැන සිදු වන ආකාරය අම්පාර දිස්ත්‍රික්කයේ තුල දැක ගත හැකි වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මෙවර මහ කන්නයේ වී වගාවෙන් ආදායම අඩු වුව හොත් අඩු වන අදායම වෙනුවට රජයෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බවට රජය සහතික වීමත් සමඟ ගොවිතැනින් ඈත් වීමට තීරණය කර සිටි ගොවීන්ද කුඹුරු ඉඩම් වගා කීරිමට පෙළඹී ඇති බව දිස්ත්‍රික් බොහෝමයක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන් සදහන් කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.