නිමාලි ලියනාරච්චිත් ඔලිම්පික් තරඟාවලියෙන් ඉවතට
By News Team on July 30th, 2021 in Sport

ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වීමට සිදුවූ 07 වන ශ්රී ලාංකික ක්රීඩිකාව ලෙස නිමාලි ලියනාරච්චි සමත් වුණා.
ඒ අද (30) උදෑසන පැවැති කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේදී අවසන් ස්ථානයට තරඟය නිම කිරීම හේතුවෙන්.
ඇය එහිදී වාර්තා කළ කාලය විනාඩි 02යි තත්පර 10යි දශම 2යි 3ක් ලෙසයි.
මේ අනුව මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් තවදුරටත් තරගවලට සහභාගීවීමට නියමිතව සිටින්නේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ අශ්වාරෝහක ක්රීඩිකා මැටිල්ඩා කාර්ල්සන් පමණයි.