මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ.
ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවයත්ය.
ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර ඇත.
සම්පූර්ණ නිවේදනය පහතින්,


ප්‍රතිචාරයක් ලබාදෙන්න