2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ කෙරුණු අතර එය පස්වරු 4ට අවසන් විය.
මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.
දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග වැදුණි.
ඒ අනුව සභිකයින් 8,287 දෙනෙකු මෙවර ඡන්ද විමසීමෙන් තෝරාගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සමස්තයක් ලෙස අද දිනයේ ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න